ඩුබායි-බහරේන් ගුවන් ගමන් යළි අරඹයි



එමිරේට්ස් ගුවන් සමාගම බහරේන් රාජ්‍යයට ගුවන් ගමන් යළි ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

2020 ජුනි 15 වනදා සිට බහරේන් රාජ්‍ය වෙත ගුවන් මගීන් රැගෙන යන බව නිවේදනයේ සඳහන් කර ඇත.

ගුවන් සේවාවන් සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කර ඇති අතර, එමිරේට්ස් ගුවන් සමාගම ඇතුළුව අනිකුත් ගුවන් සමාගම් ගුවන් මඟීන් සහ භාණ්ඩ රැගෙන යෑමට කටයුතු කරයි.

බහරේන් රාජ්‍යයට අමතරව මැන්චෙස්ටර්, සූරිච්, වියානා, කෝපන්හේගන්, ඇම්ස්ටර්ඩෑම්, ඩබ්ලින්, නිව්යෝර්ක්, සෝල්, ක්වාලාලම්පූර්, සිංගප්පූරුව, ජකර්තා, තායිපේ, හොංකොං, පර්ත්, බ්‍රිස්බේන්, ලන්ඩන්, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස්, මිලාන්, මැඩ්රිඩ්, මැනිලා, චිකාගෝ, ටොරොන්ටෝ, සිඩ්නි සහ මෙල්බර්න් යන නගරවලට ගුවන්ගමන් සහ භාණ්ඩ ප්‍රවාහනය එමිරේට්ස් ගුවන් සමාගම සිදුකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS