ඩුබායි පාලකයාට ආරාධනාවක්



ඩුබායි පාලකයාට කේරල ප්‍රාන්තයට පැමිණෙන ලෙස ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය, පිනරායි විජයන් ආරාධනා කර ඇත.

ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය අතර පවතින ඵෙතිහාසික රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය පිළිබඳව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය, ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ ඩුබායි නුවර දී සාකච්ඡා කර ඇත.

කේරල ප්‍රාන්තය සහ එමිරේටය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා ආකාරය සහ දෙරටේ පුරවැසියන් අතර මිත්‍රත්වය ගොඩනගා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS