ඩුබායි පාලකයා සාප්පු සංකීර්ණයක



සෞදි අරාබියේ පැවැත්වෙන 29වන අරාබි සමුළුවට සහභාගිවීම සඳහා එමිරේට්ස් නියෝජිතයින් සමඟ පැමිණි එමිරේට්ස් උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක,ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් සෞදි අරාබියේ පිහිටා ඇති ධාහරාන් සාප්පු සංකීර්ණයේ සංචාරයක නිරත වී සිටින ආකාරය ඡායාරූප ගත කිරීමට කැමරා ශිල්පීන්ට හැකි වී ඇති බව වාර්තා වේ.

29 වැනි අරාබි සමුළුව 15 දින සෞදි අරාබියේ ධාහරාන් නගරයේදි ආරම්භ වු බව වාර්තා වේ.

ඩුබායි පාලකයා සැහැල්ලුවෙන් සාප්පු සංකීර්ණය තුල ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)  


RECOMMEND POSTS