ඩුබායි පාලකයා පියාට ගෞරවය දක්වයි



ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල්- මක්ටුම් පියාට ගෞරවය දක්වා ඇති බව වාර්තා වේ.

ඩුබායි පාලකයාගේ පියා වන, ෂයික් බින් සයීඩ් අල්-මක්ටුම් 1990 ඔක්තෝබර් 07 දින අභාවප්‍රාප්ත විය.

1912 ජුනි 11 දින ඩුබායි නුවරදි උපත ලබා ඇති ෂයික් බින් සයීඩ් අල්-මක්ටුම්,1958 සිට1990 දක්වා වසර 32ක කාලයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා  සහ ඩුබායි පාලකයා ලෙස කටයුතු කළේ ය.

“ ඩුබායි රාජ්‍යයේ පියා1990 ඔක්තෝබර් 07 දින අහිමි වුනා,බොහෝ හදවත් බිඳී ගියා, එහෙත් තම පියා අහිමි වු බව බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත, පියාගේ අහිමිවීම දරාගැනීමට දුෂ්කරය, එය අපව අනාථ කරවයි, ඔබේ පැවැත්ම ඔහුයි, ඔබේ ජීවිතය ඔහුයි,ඔබේ සාර්ථකත්වය ඔහුයි, අපේ රටේ දියුණුව ඔහුයි.’’යනුවෙන් ඩුබායි පාලකයා සිය ට්විටර් සමාජ ජාල ගිණුවේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS