ඩුබායි පාලක නමිනුත් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් !



ඩුබායි පාලක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මොක්ටුම් යන නමින් ව්‍යාජ ෆේස්බුක් සමාජ ජාල ගිණුමක් පවත්වා ගෙන යෑමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ එම ව්‍යාජ ගිණුම වහා අත්හිටුවීමට ෆේස්බුක් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුමෙන් ඩුබායි හි සේවය කරන පිලිපීන ජාතික කාන්තාවක වන සේනී සූයූ  සමග වචන හුවමාරු වී ඇති අතර ඔහු තමන් ඩුබායි හි පාලකවරයා වන බවත් .තමන් විසින් සිදු කරන සමාජ සේවා කටයුතු සඳහා මුදල් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

මේ ගැන සැක සිතූ ඇය මෙය ෆේස්බුක් කළමනාකාරීත්වයට දන්වා ඇති අතර එය වහා අත්හිටුවීම ඔවූහු කටයුතු කර ඇත.

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි...


RECOMMEND POSTS