ඩුබායි පාලක ඩුබායි ගුවන්තොටුපළේ



එක්සත් අරාබිඑමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ්බින් රෂිඩ් අල් මක්ටුම් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරතවු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන් මඟීන් රැස්ව සිටින පර්යන්තයන්, මඟින් පිටව දොරටු, චෙක්පත් කවුළු, ගමන් මලු පරීක්ෂා කිරීමේ අංශයන් සහ විදේශ ගමන් බලපත්‍ර කවුළු ඩුබායි පාලකවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ඔටුන්න හිමි කුමරු,ෂයික් හම්ඩාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් සහ ඩුබායි සිවිල් ගුවන්සේවා සමාගමේ සභාපති සහ  එමිරේට්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී,ෂයික් අහමඩ් බින් සයිඩ් අල් මක්ටූම්ඩුබායි පාලකයා සමඟ ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවට එක් වු බව වාර්තා වේ.

වෙනත් රටවලින් පැමිණෙන සහ ඩුබායි ගුවන් තොටුපළේ සිට වෙනත් රටවලට පිටත්ව යන මඟීන් සඳහා ඩුබායි ගුවන් තොටුපළ බලධාරීන් ලබා දෙන සේවාවන් ගෝලීය මට්ටමේ සේවාවන්ට සමාන වන බවට ඩුබායි පාලකවරයා නැවත වරක් සහතික විය.

2017 ජනවාරි 01 දින සිට ජුනි 30 දක්වා කාලය තුල මඟීන් මිලියන 24කට අධික සංඛ්‍යාවක් ඩුබායි ගුවන් තොටුපළ භාවිතා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් මොහොමඩ් අහමඩ් අල් මර්රි ඩුබායි පාලකයා සමඟ ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS