ඩුබායි නගරය විවෘත කලාගාරයක්



ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ්ගේ සැළැස්මකට අනුව ඩුබායි නගරය විවෘත කලාගාරයක් බවට පරිවර්තනය කිරිමේ අරමුණින් ප්‍රධාන පෙළේ ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

එම ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර නගරය තුල ඉදිකර ඇති ගුවන්පාලම් වල අයත් කුළුණු ශාක කඳන් සහ අතු විහිදී යන ආකාරයෙන් කලාත්මකව නිර්මාණය කර ඇත.

“මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වෙන්නේ මිනිස්සුන්ගේ නව නිර්මාණාත්මක ආකල්ප වර්ධනය කිරීමටත්, යම්කිසි දෙයක් නව නිර්මානාත්මක විදිහට දැකීමට ධෛර්යමත් කිරීමටයි’’ ව්‍යාපෘති කලමණාකරු, සයිමා අල් සුවයිදි ප්‍රකාශ කළේය. 

ඩුබායි නගරය සංස්තික සහ කලාත්මක නගරයක් බවට පත්කිරීම සඳහා Brand Dubai ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් සමග මෙන්ම ව්‍යාපෘතියේ කලාකරුවන් සමඟද වැඩ කිරීමට උනන්දුවක් දක්වන බවව්‍යාපෘති කලමණාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS