ඩුබායි ටැක්සි රියදුරන්ට අලුත් නීතියක්



ඩුබායි හි ධාවනය කෙරෙන ලිමොසින් වර්ගයේ මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයන්ට අයත්  කුලී රථ වල කුඩා දරුවන්ට වෙන්වූ ආසනයක් හා ආසන පටියක් තිබිය යුතු බවට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය විසින් නව නීතියක් පනවා ඇත.

මෙලෙස දරුවන් සඳහා වෙන් වූ විශේෂ අසුනක් වෙන් කීරීම ඉතා ඉක්මනින්ම කළ යුතු බවට එම අධිකාරිය විසින් ඩුබායි නගරයේ සිටින සියලුම කුලී සේවාවන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

සිය ගමන් මඟ ආරම්භ කිරීමට පෙර ඒ අතරේ කුඩා දරුවන් සිටී නම් ඔවුන්ට වෙන්වූ අසානය හා ආසන පටිය භාවිතා කිරීමට මගීන්ට උපදෙස් දීමට ටැක්සි රියදුරන් වෙත උපදෙස් ලබා දී තිබේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිවස් ඇසුරෙනි.


RECOMMEND POSTS