ඩුබායි ජනගහනය මිලියන 3.356ක් වෙයි



ඩුබායි නුවර සමස්ථ ජනගහනය 2019 වර්ෂය අවසන් වනවිට මිලියන 3.356ක් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, 2018 වර්ෂයට සාපේක්ෂව සියයට 5.15 (%)කින් ඉහළ ගොස් ඇති අතර 2018 වර්ෂය අවසන් වනවිට ඩුබායි නුවර සමස්ථ ජනගහනය මිලියන 3.192ක් විය.

ජනගහනයෙන් මිලියන 2.332ක් පිරිමින් (69.5%) වන අතර කාන්තාවන් මිලියන 1.024ක් (30.5%) වේ.

ඩුබායි නුවර කාන්තාවන්ගේ සංඛ්‍යාව 2019 තුන්වන කාර්තුව අවසන් වනවිට මිලියනය ඉක්මවා ගොස් ඇත.

කාර්ය බහුල වේලාවන්හිදී ඩුබායි නුවර සමස්ථ ජනගහනය මිලියන 4.5 දක්වා ඉහළ යන අතර එම ජනගහනයට පුරවැසියන්, විදේශ ශ්‍රමිකයන් සහ සංචාරකයන් අයත් වේ.

ඩුබායි නුවර ජනගහනය වසර 137 ක් තුළ 261 ගුණයකින් වැඩි වි ඇති අතර, 2018 වර්ෂයේදී මිලියන 3 ඉක්මවා ගොස් ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS