ඩුබායි ගොඩනැගිල්ල යළි ගිනි ගනී



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ඇති මහල් නිවාස පිරි ‘ටෝර්ච් ටවර්’ කුලුනු ගොඩනැගිල්ලේ යළි ගින්නක් හටගත්තේය.

වසර දෙකක් ඇතුළත ‘ටෝර්ච් ටවර්’ මෙලෙස ගින්නක් හටගත් දෙවැනි අවස්ථාව මෙයයි. ගින්න හටගත් සැණින් ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ගිනි නිවන භටයෝ යුහුසුළු වූහ.

ගින්නෙන් මහල් නිවාසයේ රථ ගාලේ නවතා තිබුණු මෝටර් රථ රැසක් ද විනාශ වුණැයි වාර්තා වේ.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය ගණනක් වෙහෙසීමට සිදුවිය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගින්නෙන් කාටවත් අනතුරක් සිදුනොවිණි.

(බී.බී.සී.)


RECOMMEND POSTS