ඩුබායි උෂ්ණත්වය සෙල්සියස් 50 ට නඟී



ඩුබායි හි අද (13) දහවල් වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ළගා වී ඇතැයි වාර්තාවේ.

අද දවස පුරාම එම උෂ්ණත්වය පවතින අතරම දැඩි අව් රශ්මියත්,ආර්ද්‍රතාවයත් දිගටම පවතිනු ඇතැයි එමිරේටයේ කාලගුණ විද්‍යා දෙපොර්තමේන්තුව නිවේදනය කර තිබේ.මේ කාලගුණ තත්ත්වය නිසා හැකි තරම් නිවෙස් තුළටම වී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව ඩුබායි වැසියන්ට දන්වා සිටී.

ඩුබායි හි බොහෝ ප්‍රදේශ වලට මෙලස ඉතා උණුසුම් කාලගුණයක් පවතිද්දී , ඇතැම් පෙදෙස් වලට දූවිලි සහ වැලි කුණාටු බලපෑම් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS