ඩුබායි අලුත් බස්



ඩුබායි නගරයේ මාර්ගයන් ට ඩි.එස්.එල් බස් රථ ගැලපෙනවාද නැද්ද යන්න පරීක්ෂා කිරීම පසුගියදා ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පැවැත් වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩි.එස්.එල් බස් රථ වල මව් සමාගම නෙදර්ලන්තයේ පිහිටා තිබෙන අතරසැහැල්ලු බරකින් යුත්ත වීම සහ අඩු තෙල් පරිභෝජනයකින් ධාවනය කිරීමට හැකිවීම ඩි.එස්.එල් බස් රථ වල රථවල ඇති විශේෂත්වය වේ.

අදාල පරීක්ෂණය මාස 6ක කාලයක් තුල අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.

බස් රථ ඩුබායි මාර්ග වලට හඳුන්වාදීමට කටයුතු කල හොත් ලෝකයේ දැනට පවතින ඉහළම ගුණාත්මක සේවයක් ලබාදීම සඳහා ගැළපෙන පරිදි පොදු බස්රථ නැවතුම්පළවල්ද ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වන බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, මැටර් අල්-ටෙයර් ප්‍රකාශ කළේය.  

බස්රථ ඩුබායි මාර්ගයන් වල භාවිතා කිරීමේ හැකියාව තිබෙනවාද යන්න පරීක්ෂා කර බලනවාට අමතරව ආර්ථික වාසි සහ පරිසරයට එල්ල වන බලපෑම් පිළිබඳවද අධ්‍යනය කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS