ඩුබායි අනේපිඩු සිටාණෝ



විවිධ රැකියා කටයුතු සඳහා පැමිණ වීසා බලපත කාලයද ඉක්මවා එමීරයේ රැඳී සිට ආගමන විගමන අංශ වල අත්අඩංගුවට පත්වන විදෙස් ශ්‍රමිකයින්ට යලි සිය ගම් බිම් බලා යෑමට අවශ්‍ය ගුවන් ටිකට් පත් සඳහා නොමිලේ මුදල් ලබා දෙන අපූරැ දානපතියෙකු ගැන ඩුබායි නගරයෙන් වාර්තාවේ.

මෙම අපූරැ දානපතියා වන්නේ ඩුබායි නගරය මූලික කරගත් රත්රන් ආභරණ නිෂ්පාදන සමාගමක් පවත්වා ගෙන යන ඉන්දීය ජාතිකයෙකු වන ෆිරෝස් මර්චන්ට් නැමැති බිලියනපතියෙකි.

මොහුගේ සභාපතිත්වයෙන්  පවත්වාගෙන යන ෆරාජ් නැමැත් පදනම හරහා ඔහු මෙම පුණ්‍ය ක්‍රියාව කරන අතර නීතිවිරෝධී අයුරින් ඩුබායි රැදී සිටින විදෙස් ශ්‍රමිකයින්ට අදාළ දඩුවම් කාලය ගත කිරීමෙන් පසු මෙම දානපති ස්ව ධනයෙන් මුදල් ලබා දීම සිදු කරයි.ඒ වෙනුවෙන් ඔහු මාසයකට  ඩිරාම් 40,000ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් පහලොස් ලක්ෂ විසිදහසක් මුදලක් ) වියදම් කරනු ලබයි.

මෙම ඉන්දීය ව්‍යාපාරිකයා 2009 දී ෆරාජ් පදනම පිහිටුවා ඇති අතර මොහු මෙලෙස විදෙස් ශ්‍රමිකයින්ට පිහිට වීමට අමතරව ඩුබායි අජ්මාන් පොලීසියේ සේවය කරන දරුනු ස්නායු ආබාධයකින් පීඩා විදින පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් ජෝර්දානයේ දී සිදුකරන චීන කටු වෛද්‍ය ප්‍රතිකාර වැයවෙන ඩිරාම් 60,000 ක මාසික මුදලද පරිත්‍යාග කරනු ලැබේ.

සිය ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් ගල්ෆ් නිව්ස් වෙත අදහස් දක්වමින් ෆිරෝස් මර්චන්ට් කියා සිටින්නේ නීතිවිරෝධි ලෙස ඩුබායි හි රැඳී සිට දඩුවම් විඳින විදෙස් ශ්‍රමිකයින් සැබෑ අපරාධකරැවන් නොවන බැවින් ත්‍යාගශීලී වසර ලෙසින් නම් කර ඇති මේ වසරේදී මෙවැනි පරිත්‍යාග කිරීමට තමාගේ සිත උණුවන බවය.

 තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS