ඩීසල් නෞකාවක් ගිනි ගනි: දෙදෙනෙක් මරුට



සාජා නුවර අල්-හම්රියා වරයේ තවතා තිබු ඩීසල් පුරවන ලද නෞකාවක් මැයි13 දා හදිසි ගිනි ගැනීමකට ලක්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය

නෞකාව ගිනි ගන්නා අවස්ථාවේදි විශාල කළු දුම් වලාවන්ගෙන් අවට පරිසරය වැසි තිබු බව වාර්තා වේ.

නෞකාවේ අතිවු ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බව වාර්තා වේ.

ගිනි ගැනීමෙන් නෞකා කාර්‍ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර සේවකයින් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

ගින්න ඇතිවීමට හේතුවු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS