ඩිරාම් 500,000 ආපසු ලබා දීලා



ඉන්ධන පිරවුම්හලක සේවකයෙක් එමිරේට්ස් ඩිරාම් 500,000 ක මුදලක් අයිතිකරුට ආපසු ලබා දී ඇති බව වාර්තා වේ.

යුරෝපීය ජාතිකයෙක් අල්-කූස් දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන භාණ්ඩ මිලදී ගැනීම සඳහා අසල පිහිටි සුපිරි වෙළඳසැලට ගොස් ඇති අතර භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු පිටව ගොස් ඇත.

සුපිරි වෙළඳසැලේමුදල් කවුන්ටරය අසල කළු බෑගයක් තිබෙන බව දැකඉන්ධන පිරවුම්හලේසේවකයෙක් පොලීසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතරබෑගය පරීක්ෂ කළ පොලීසියට ඩිරාම් 500,000ක මුදලක් සහ වෙනත් ලියකියවිලි හමු වී ඇත.

ආරක්ෂිත කැමරා පරීක්ෂා කර බෑගය අයිතිකරුට ලබා දීමට පොලීසිය කටයුතු කර ඇති අතර ආසියානු සේවකයාගේ යහපත් හැසිරීම වෙනුවෙන් පොලීසිය ගෞරවය දක්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් ඩුබායි නගරය)

RECOMMEND POSTS