ඩැමස්කස් සහ කාමිෂ්ලි අතර ගුවන් ගමන්



සිරියානු ගුවන් සේවය ඩැමස්කස් සහ කාමිෂ්ලි අන්තර්ජාතික ගුවන් තොටුපලවල් අතර ගුවන් ගමන් ජුලි 02 දින සිට දින 10කට ආසන්න කාලයක් නතර කර තිබු අතර ගුවන් ගමන් බ්‍රහස්පතින්දා නැවත ආරම්භ කළ බව ගුවන් සේවය නිවේදනය කළේය.

පළමු ගුවන්යානය බ්‍රහස්පතින්දා සවස කාමිෂ්ලි අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් ඩැමස්කස් ගුවන් තොටුපල බලා පිටත් වු බව වාර්තා වේ.

2016 වර්ෂය තුලදි කාමිෂ්ලි අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් අභයන්තර සහ අන්තර්ජාතික ගුවන් ගමන් 2517ක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS