ඩැමස්කස් යන්න සැරසෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ලාභදායි ගුවන් සමාගමක් වන “ෆ්ලයිඩුබායි’’ ගුවන් සමාගම සිරියාවේ ඩැමස්කස් නුවර අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

දැනට පනවා ඇති ගුවන් තහනම ඉවත් කිරීම සඳහා ඩැමස්කස් නුවර අන්තර්ජාතික ගුවන්තොටුපොල සහ එහි ආරක්ෂිත තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂඥයින් කණ්ඩායමක් යැවීමට කටයුතු කරන බව එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

සියළුම කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව,හැකි ඉක්මණින් ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS