ඩාවෝස් සමුළුවට ඉරාන විදේශ ඇමැති නෑ



ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ඉරානය නියෝජනය කරමින් එරට විදේශ ඇමැති මොහොද් ජවාද් සරීෆ් සහභාගී නොවනු ඇතැයි පැවැසෙයි.

ඊට හේතුව වී ඇත්තේ සංවිධායකවරුන් ඉරාන විදේශ ඇමැතිවරයාට සමුළුවට සහභාගී නොකරවා ගැනීමේ අරමුණ ඇතිව, හිතාමතා සමුළුවට අදාල වැඩසටහන වෙනස් කිරීම නිසා යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

මේ වනවිට ඉරානයත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් පවතී. ජගත් ආර්ථික සමුළුව පැවැත්වෙන්නේ එම අර්බුදය දුරදිග ගොස් ඇති අවස්ථාවකය. හටගත් අර්බුදය සම්බන්ධයෙන් බටහිර රටවල් බොහොමයක් ඉරානයට අප්‍රසාදය පළ කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS