ඩ්‍රෝනාවක් ගුවන්ගමන් නවත්වයි



ඩ්‍රෝනා යානාවක් පියාසර කිරීම හේතුවෙන් මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ ගුවන්ගමන් තවකාලිකව නවතා දැමීමට සිදු වු බව වාර්තා වේ.

ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ රාජකීය පොලීසියේ සහයෝගය ඇතිව ගුවන් ගමන් යථාතත්ත්වයට පත් කිරීමට හැකි වු බව ගුවන්තොටුපොල අධිකාරිය ප්‍රකාශ කළේ ය.

නිසි අවසරයකින් තොරව නියමුවන් රහිත ගුවන්යානා ගුවන් ගත කිරීම ඕමාන් බලධාරීන් තහනම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS