ඩ්‍රෝනා යැව්වොත් ලොකු දඩුවමක්



ඕමානයේ බලපත්‍ර නොමැතිව මිනිසුන් රහිත ගුවන්යානා පියාසර කරවන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව වාර්තා වේ.

අදාල නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට වසරක සිරදඩුවමක් සහ ඕමාන් රියාල් 10,000ක දඩ මුදලක් නියම කරන බව වාර්තා වේ.

මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල ආශ්‍රිත ප්‍රදේශයේ ඩ්‍රෝනා යානාවන් පියාසර කරවීම හේතුවෙන්තාවකාලිකව ගුවන්තොටුපොල වසා දැමීමට සිදු වු අතර, අවස්ථාවන් ගණනාවකදී ගුවන් ගමන් ප්‍රමාදයන් සහ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපොලවල් වෙත හරවා යැවීමට සිදුවිය.

සියලුම වර්ගයේ නියමුවන් රහිත ගුවන්යානා පියාසර කරවීම සඳහා අවසර ලබාගැනීම අත්‍යාවශ්‍ය බවඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS