ඩ්‍රෝනා යානයක්බිම හෙළයි



ඇමරිකා එක්සත් ජනපදයට අයත් ඩ්‍රෝනා යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වේ.

යේමනයේ සානාඅගනුවරට ගිනිකොන දෙසින් පිහිටි ධමර් ආණ්ඩුකාර ප්‍රදේශයේදී MQ-9 වර්ගයේ ඩ්‍රෝනා යානයක් වෙඩි තබා බිම හෙළාඇති බව එක්සත් ජනපද හමුදා නිලධාරීන් දෙදෙනෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

එක්සත් ජනපදයට අයත් ඩ්‍රෝනා යානයක් තම ආරක්ෂක පද්ධතිය මඟින් අල්ලා ගත් බවට හවුති හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළේ ය.

එක්සත් ජනපදයේ ඩ්‍රෝනා යානයක් යේමනයේදී වෙඩි තබා බිමහෙළු පළමු අවස්ථාව මෙය නොවේ.

එක්සත් ජනපදය ගුවන් ගත කරන ලද ඩ්‍රෝන යානයක් ඉරානයේ සහය ඇතිව හවුති කැරලිකරුවන් ජුනි මාසයේදී වෙඩි තබා බිම හෙළු බව එක්සත් ජනපද හමුදාව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සානා නුවර)

RECOMMEND POSTS