ඩ්‍රෝන යානයක් බිම දමයි



හඳුනානොගත් නියමුවන් රහිත ගුවන් යානයක් බිම දැමූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

හය වරක් තුර්කි ගුවන් සීමාව උල්ලංඝණය කළ බවත් සිය ගුවන් හමුදාව ඩ්‍රෝන යානයට ප්‍රහාරයක් එල්ල කළ බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

“නියමුවන් රහිත ගුවන් යානයක් හය වරක් අපේ ගුවන් සීමාව උල්ලංඝණය කළා. අපේ එෆ්-16 ගුවන් යානා දෙකක් එම ඩ්‍රෝන යානයට ප්‍රහාර එල්ල කළා” යැයි එම ඩ්‍රෝන යානයේ ඡායාරූපද ප්‍රසිද්ධියට පත් කරමින් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

කෙසේ වෙතත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය ඩ්‍රෝන යානය කාට අයත් එකක් ද යන වග අනාවරණය නොකළේය.

ඒ.එෆ්.පී. 


RECOMMEND POSTS