ඩ්‍රෝන යානයක් ඇවිල්ලා



සෞදි රජ මාලිගයට ඉහළින් නියමුවන් රහිත කුඩා ඩ්‍රෝන යානයක් පියාසර කරමින් තිබුණු බවත්, ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා එය බිම දැමූ බවත් සෞදි පුවත් සේවා වාර්තා කරයි.

මෙය සිදුවී ඇත්තේ ඊයේ (21) සවස අටට පමණ යැයි ද වාර්තා වේ. ඩ්‍රෝන යානාව මාලිගය දෙසට පියාසර කළේ කවුරුන්දැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී ඇති බව ද පැවැසෙයි. ඩ්‍රෝන යානාව රජ මාලිගය වෙත පැමිණෙද්දී සෞදියේ සල්මාන් රජු මාලිගයේ සිට ඇති බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS