ඩ්‍රෝන ප්‍රහාරයෙන් පහක් මරුට



යේමනයේ හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි.

තුවාල ලැබුවේත් ජීවිතක්ෂයට පත් වූයේත් හමුදා නිලධාරීන් යැයි පැවැසෙයි. ප්‍රහාරයෙන් යේමන බුද්ධි අංශ ප්‍රධානී මොහොමද් සලේ තාමා, බුද්ධි ප්‍රධානී මොහොමද් ජවාස් පමණක් නොව, හමුදා කඳවුර පිහිටි ලහීජ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර අහ්මද් අල් තුර්කි ද සිටින බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන හවුති සටන්කාමීන් යැයි චෝදනා ලැබ ඇත. මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන්, යේමනයේ හවුති සටන්කාමීන් සහ සෞදියේ සහාය ලබන යේමන රජය අතරේ සටන් විරාමයක් ද පවතී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS