ඩ්‍රෝන අංශයේ ප්‍රධානියා මරුට



හමුදා බටහිර මොසූල් නුවර ටාල්-අෆ්රා නගරයට අඟහාරුවාදා (ජුනි27) එල්ල කරන ලද ප්‍රබල ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් හේතුවෙන් අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් යානා අංශයේ ප්‍රධානියා වු, අබු හෆා සහ තවත් ත්‍රස්තවාදීන් කීප දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අල්-සුමාරියා පුවත්පත වාර්තා කළේය. 

ඩ්‍රෝන් යානා යැවීම සඳහා රහසිගතව පවත්වා ගෙන යන ලද තානායමක් භාවිතා කර ඇති අතර ප්‍රබල ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් තානායමට දැඩි අලාභ හානියක් සිදු වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් පසු තානායම තුලින් සහ අවට ප්‍රදේශයෙන් විශාල පිපිරීම් රාශියක් සිදු වී ඇති බව වාර්තා වේ. 

බටහිර මොසුල් නගරයේ රජ්ම් හඩිඩ් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ කල ත්‍රස්තවාදීන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කල බව පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉරාක පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS