ඩමැස්කස් නුවරට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊශ්‍රායල හමුදාවෙන් මිසයිල ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් සිරියානු රජයේ හමුදා සොල්දාදුවන් දෙදෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.

මිසයිල ප්‍රහාරය එල්ල වූයේ අලුයම් කාලයේය. ඊශ්‍රායල හමුදාවෙන් එල්ල වුණු එම මිසයිලවලින් කීපයක් උඩු ගුවනේ දී විනාශ කර දැමීමට සිරියානු මිසයිල ආරක්ෂක පද්ධතිය සමත් වූ බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS