ඩමැස්කස් නුවර ජල අර්බුදයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර ජල හිඟයක් පවතින බවත්, මේ වනවිට යුද ගැටුම් නිසා හෙම්බත් වුණු මිලියන 5.5 ක පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

මේ වනවිට සිරියාවේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය හඳුන්වා දෙනු ලැබුවේ සිරියානු රජයට සහාය දෙන රුසියාව සහ විපක්ෂයට සහාය දෙන තුර්කිය එක්වෙමිනි.

සටන් විරාමය අතරතුරේ සිරියාවට ගොස් මානුෂීය ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ යුනිසෙෆ් සංවිධානය කටයුතු කර ඇත.

ජල අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වැඩි දෙනා කුඩා දරුවන් යැයි යුනිසෙෆ් සංවිධානය කියා සිටී.


(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS