ඩමැස්කස් කඳවුරේ පිපිරීමක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර ගුවන් හමුදා කඳවුරේ ප්‍රබල පිපිරීමක් සිදුවී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

පිපිරී විනාශ වී ඇත්තේ ‘මෙසේහ්’ නමැති ගුවන් හමුදා කඳවුරේ ආයුධ ගබඩාවය.  ඊශ්‍රායල හමුදා මෙම ආයුධ ගබඩාවට රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි පැවැසෙන නමුත්, සිරියානු රජය එය සනාථ කර නොමැත.

සිරියානු රජය පවසා ඇත්තේ විදුලි කාන්දුවක් හේතුවෙන් ආයුධ ගබඩාවේ ගින්නක් හටගෙන පසුව පිපිරීමක් සිදුවුණු බවය. සිරියානු ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් රැඳී සිටින්නේ මෙම ගුවන් කඳවුරේ යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS