ටොන් භාගයක මත්ද්‍රව්‍ය අල්ලයි



සෞදි අරාබියේ ආරක්ෂක අංශ ටොන් භාගයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය තොගය සීනි අඩංගු බහාලුම් තුළ රහසිගතව සඟවා බ්‍රසීලයේ සිට දේශසීමා හරහා සෞදි අරාබිය තුලට රැගෙන යමින් තිබියදි සෞදි දේශසීමා ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරෝයින් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය ට්‍රක්රථය තුළ තිබී සොයා ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ අධීක්ෂණය යටතේ හවුති පාලන ප්‍රදේශයට රැගෙන යෑමට සැළසුම් කර තිබු බව ආරක්ෂක අංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS