ටොන් 50 ක කොරලා බෙහෙත් යේමනයට



යේමන රාජ්‍යය පුරා පැතිරීයන කොලරා වසංගතයෙන් පීඩා විඳින ජනතාවට අවශ්‍ය බෙහෙත් ටොන් 50ක් රැගෙන එමිරේට් රාජ්‍යයට අයත් ගුවන්යානයක් යේමනයේ ඒඩන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වු බව වාර්තා වේ.

තවත් එවැනිම බෙහෙත් තොගයක් රැගත් ගුවන්යානයක් යේමනයට ලඟා වීමට නියමිතව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය බෙහෙතත් තොගය කොලරාවෙන් පිඩා විදින ජනතාවට බෙදා දෙන බව එමිරේට්ස් රතු අඩසඳ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, කලීඩ් අල්-මස්රුයි ප්‍රකාශ කළේය. 

මානුෂිය ආධාර දිගටම යේමනයට ලැබෙන බවත්, එමිරේට් රාජ්‍යයෙන් ලැබුණු බෙහෙත් සියළුම කොලරා රෝගීන් වෙත ලබා දෙන බවත්,  සටන් පවතින ප්‍රදේශවල සිටින රෝගීන් නොසලකා හැර නැති බවත්, සටන් පවතින ප්‍රදේශ වල සිටින රෝගීන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව බොහෙත් ලබා දෙන බවකලීඩ් අල්-මස්රුයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS