ටොන් 400,000ක තිරිඟු මිලදී ගනි



සිරියානු රජය 2017 අස්වනු සමය අවසන් වීමත් සමගම තිරිඟු ටොන් 400,000ක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට සැළසුම් කර ඇති බව මධ්‍යම වානිජ කමිටු රැස්වීමේදි අදහස් දක්වමින් සිරියානු අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය, අබ්දුල්ලා අල්-ගර්බි ප්‍රකාශ කළේය.

ගොවීන්ගෙන් තිරිඟු ලබාගැනීම සදහා ලබාදී තිබු කාලසීමාව දෙසැම්බර් 31ක දක්වා දීර්ඝ කිරීමට මධ්‍යම වානිජ කමිටුව එකගවී ඇති බවත් අතරමැදියන් අහිංසක ගොවීන්ගෙන් අඩු මුදලට තිරිඟු ලබාගැනීම අවම කිරීමේ පියවරක් ලෙස 2017 කන්නයේදි තිරිඟු ටොන් 400,000ක් මිලදී ගැනීමට පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ත ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS