ටෙලර් යන්ත්‍රයකින් මුදල් අරන්



සෞදි කාන්තාවක්ගේ ක්‍රෙඩිට් කාඩ්පතක් සාප්පු සංකීර්ණයකදි අමතක වී ගොස් ඇති අතර වෙනත් පුද්ගලයෙක් සෞදි රියාල් 25,000ක මුදලක් කාඩ්පතින් ලබාගෙන ඇති බව වාර්තා වේ.

සෞදි කාන්තාවගේ ඥාතියෙක් සමඟ ජෙඩ්ඩා නුවර සාප්පු සංකීර්ණයකට ගොස් භාණ්ඩ මිලදී ගෙන ඇති අතර කාඩ්පත ආපසු ලබාගැනීමට අමතක වී ඇත.

පසුව, ඇගේ කාඩ්පතින් මුදල් ලබාගත් බවට සඳහන් කරමින් කෙටි පණිවිඩ කීපයක් ඇගේ ජංගම දුරකථනයට ලැබී ඇති අතර පළමු අවස්ථාවේදි සෞදි රියාල් 5,000ක්ද දෙවන අවස්ථාවේදි 20,000ක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව ජෙඩ්ඩා පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS