ටියුනීසියාවේ හෆ්නෝයි රන් පදක්කම දිනයි



කවුරුත් මවිතයට පත් කරමින්, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිදහස්ආර freestyle  මීටර් 400 ඉසවුව තත්පර දශම ගණනකින් ජයග්‍රහණය කිරීමට 18 හැවිරිදි ටියුනීසියානු ක්‍රීඩක අහ්මද් හෆ්නෝයි සමත් විය.

කිසිවකුගේ අවධානය අහ්මද් හෆ්නෝයි වෙත හිමි නොවුණු අතර, සියලු දෙනා අවධානය යොමු කළේ ඉසව්වට සහභාගී වුණු සෙසු පළපුරුදු සහ ප්‍රවීණ ක්‍රීඩකයන් කෙරෙහිය.

තම ජයග්‍රහණය ගැන තමන් ද මවිතයට පත් වුණැයි අහ්මද් හෆ්නෝයි පසුව මාධ්‍ය හමුවේ පවසා තිබේ. අහ්මද් හෆ්නෝයි මිටර් 400 අවසන් කළේ මිනිත්තු 3 යි තත්ත්පර 43.26 කිනි.

ජයග්‍රාහකයා තමා බව දැනගත් පසු අහ්මද් හෆ්නෝයි සතුටින් කළ කෑ ගැසීම පිහිනුම් ක්‍රීඩාංගනය පුරා රැව්පිළිරැව් දෙන්න විය. ඒ, පිහිනුම් ක්‍රීඩාංගනය 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් නරඹන්නන්ගෙන් තොරවීම නිසාය.

මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ඔල්වරසන් හඩ නොමැතිවය. නරඹන්නන් නොමැතිව ඔලිම්පික් උළෙලක් ඉතිහාසයේ පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස ද 'ටෝකියෝ 2020' ඔලිම්පික් උළෙල සැලකෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS