ටියුනීසියාවෙන් විරෝධයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ සිටින සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ටියුනිසියාවට යෑමට සූදානම් සිටින නමුත් ටියුනීසියානු දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංගම්වලින් ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

සල්මාන් කුමරුන්ට මෙසේ විරෝධයක් එල්ල වී ඇත්තේ, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ කුමරුන්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී තිබීම නිසාය.

සල්මාන් කුමරු පසුගිය දා අබුඩාබි බලා පැමිණියේය. එහිදී කුමරුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. කුමරුන් බහරේනයේ සහ ඊජිප්තුවේ ද සංචාරය කිරීමට නියමිතය. කශොග්ජී ඝාතනයෙන් පසු සල්මාන් කුමරු අසල්වැසි කලාපීය රටවල සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS