ටැන්සානියා නැවක් මුහුදුබත් වෙයි



ඕමාන් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේදි ටැන්සානියානු රාජ්‍යයට අයත් වෙළඳ නැවක් මුහුදුබත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නැව මුහුදුබත් වන අවස්ථාවේදි කාර්ය මණ්ඩල සේවකයින් 20 සිටි බව වාර්තා වේ.

සාජා වරායේ සිට ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන අප්‍රිකානු මහද්වීපයට අයත් රටවලට යාත්‍රා කරමින් තිබු නැවක් බව ඕමාන රාජකීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS