ට්‍රිපොලි නුවර දහයක් මරුට



ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර සිදුවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායම් සමඟ මෙම ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය. ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්ය.

මේ අතර නැවත දැනුම් දෙන තුරු මිටිගා ගුවන්තොටුපොලේ ගුවන්ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS