ට්‍රැමඩෝල්පෙති මිලියන10 අල්ලයි



කුවේටයේ ෂුවෙයික් වරාය හරහා කුවේටයට රැගෙන යෑමට උත්සහ කළ ට්‍රැමඩෝල්පෙති මිලියන දහයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආසියාතික රටකින් නැව් ගත කළ අඩි 40 දිග බහලුමක (කන්ටේනරයක) තිබී පෙති තොගය සොයා ගත් බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ජමල් අල්-ජලාවි ප්‍රකාශ කළේ ය.

ජාවාරම්කරු ප්‍රති-නැවි ගත කිරීම සඳහා උත්සහ කර ඇති බවට සැකයක් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වෛද්‍ය නිර්දේශ නොමැතිව ට්‍රැමඩෝල්පෙති භාවිතා කිරීමකුවේට් ඖෂධ නීතිය අනුව නීතිවිරෝධි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS