ට්‍රම්ප්ට සරදම් කළ කාටූන් තරගය



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සරදම් හා උපහාසාත්මක ලෙසින් පැවැත්වූ  අපූරු කාටූන් තරගාවලියක් ගැන ඉරානයේ ටෙහෙරාන් නුවරින් වාර්තාවේ.

ඉරාන සහ විදේශීය කාටූන් ශිල්පීන් 1600 කට අධික පිරිසක් සහභාගී වූ නියමිත මෙම තරගයේ ජයගන්නා කාටූන් ශිල්පියාට ඇමෙරිකා ඩොලර් 1500ක් පිරිනැමීම විශේෂත්වයකි.

ඉකුත් 04 වැනිදායින් අවසන් වූ මෙම ඡායාරෑප තරගයේ අවසානයේදී ජයග්‍රහණය කරනු ලැබුවේ ඉරාන ජාතිකයෙකු වූ හඩී අසීඩි නැමැති කාටූන් ශිල්පියෙකි.ඔහු පැවසූයේ ට්‍රම්ප් ජනාධිපතිගේ මනෝමය මුල්‍ය නැඹුරුතාවය සහ යුද ව්‍යාකූලභාවය පෙන්වීමට තමන්ට අවශ්‍යවූ බවය.මෙම ඉරාන කාටූන් ශිල්පිය ගේ ජයග්‍රාහී කාටූනයේ දැක්වූයේ ට්‍රම්ප්ගේ පින්තූරයක් ලිබර්ටි ප්‍රතිමාව මෙන්ම ඇඳ හිට්ලර් වැනි උඩු රැවුලකින් පින්තාරු කර තිබීමයි.

මෙම කාටූන් තරගය සංවිධානය කරන පුද්ගලයින් විසින් පසුගිය වසරේදී හොලෝකෝස්ට් නමින් කාටූන් තරගයක්ද පැවැත්වූ අතර ඔවුන් කියා සිටියේ නිදහස් කථනය පිළිබඳ ද්විත්ව ප්‍රමිතීන් ඉස්මතු කරවීමත් ,ඔවුන් එම හැසිරීමෙන් නාසි ජන සංහාරය ගැන සැක මතු නොකරන බවය. 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS