ට්‍රම්ප්ට දෙහි කපයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාක රජයට නොදන්වා හිටිහැටියේ ඉරාකයට පැමිණීම, ඉරාකයේ ස්වෛරීත්වය උල්ලංගනය කිරීමක් යැයි ඉරාක දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි.

එසේ විරෝධය පළ කරන ‘ඉස්ලා’ දේශපාලන කණ්ඩායම හදිසි පාර්ලිමේන්තු සැසියක් කැඳවා, ට්‍රම්ප්ගේ ඉරාක සංචාරය සහ එමගින් රටේ ස්වෛරීත්වය උල්ලංගනය වීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු යැයි යෝජනා කර තිබේ.

‘ඉස්ලා’ දේශපාලන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ෂියා මුස්ලිම් නායක මුක්ටාඩා අල් සදාර් ය. 2003 වසරේ, සදාම් හුසේන්ගේ පාලනය බිඳ දමා, ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වන ඉරාක දේශපාලන චරිතයක් ලෙස මුක්ටාඩා අල් සදාර් හැඳින්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS