ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ලබන සතියේ



ඊශ්‍රායල පලස්තීනය අර්බුදය විසඳීමේ අරමුණින්, තමන් සකස් කළ මැදපෙරදිග නව සාම සැලැස්ම ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ලබන සතියේ ඇමෙරිකාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. ධවල මන්දිරයේ දී ඊශ්‍රායලය අගමැතිවරයා පිළිගැනීමට ජනපති ට්‍රම්ප් සූදානමින් සිටී.

ජනපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ සමීපතම හිතවතෙකි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ට්‍රම්ප් අතරේ පවතින්නේ සමීපතම මිත්‍රත්වයෙකි. ඊශ්‍රායලයත් පලස්තීනයත් සමව අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර යැයි නිල වශයෙන් පිළිගත්තේ ද ට්‍රම්ප්ය. එය මහත් ආන්දෝලනයට හේතුවක් විය.

ජනපති ට්‍රම්ප් ගත් එම තීරණයත් සමඟ පලස්තීනුවන්ගෙන් ජනපති ට්‍රම්ප්ට දැඩි විරෝධයක් එල්ල විය. මැදපෙරදිග සාමය වෙනුවෙන් ජනපති ට්‍රම්ප් ඉදිරිපත් කරන කිසිදු සාම සැලැස්මකට එකඟ වන්නේ නැතැයි පලස්තීනය තරයේ පවසා තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS