ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කරන්න සැරැසෙයි



ඇමෙරිකා ජනාධිපතිවරයා සතු යුද බලතල සීමා කිරීමේ අරමුණින් එරට සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්විණි.

ජනපති ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාවලිය සෙනෙට් මණ්ඩලයට යොමු කෙරුණේ නියෝජි මන්ත්‍රී මණ්ඩලය හරහාය.

ජනපති ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට නියෝජි මන්ත්‍රී මණ්ඩලය උත්සාහ ගන්නේ, ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින්ය.

ඇමෙරිකාව සහ ඉරානය අතර පසුගිය ජනවාරියේ යුද උණුසුමක් නිර්මාණය විය. ඒ, ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකා හමුදා, ඉරානයට ආ ඉරාන හමුදා ප්‍රධානී කසීම්, සුලෙයිමාන් ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS