ට්‍රම්ප්ගේ ජෙරුසලම් කතාවට පලස්තීන විරෝධය



තමා ජනාධිපති වශයෙන් තේරී පත්වුවහොත් ජෙරුසලෙම් නගරය ඊශ්‍රායලයේ නොබෙදුනු අගනුවර වශයෙන් පිළි ගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය පලස්තීනයේ  බලවත් දෝෂාරෝපණයට සහ හෙළා දැකීමට ලක්ව ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය ජාත්‍යන්තර නීතියට සහ ජෙරුසලම පිළිබඳව දීර්ඝ කාලීනව පැවැති ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට අවමාන කිරීමක් යයි පලස්තීන විමුක්ති සංවිධානයේ ලේකම් සයෙබ් එරෙකත් පැවසීය.

‘එවැනි ප්‍රකාශ රාජ්‍ය දෙකේ විසඳුම, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතින්ගේ තීරණය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමක් යයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු හමුවූ අවස්ථාවේදී කරන ලද එම ප්‍රකාශය හෙළා දකිමින් පලස්තීන විදේශ අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත්කර ඇත.


RECOMMEND POSTS