ට්‍රම්ප්ගේ උත්සාහය අසාර්ථකයි



ඉරාන රජයට එරෙහිව එරට විපක්ෂ ක්‍රියාකාරීන් සහ විශ්ව විද්‍යාල සිසුන් එක් වී, සංවිධානය කළ විරෝධතා රැළිවලට සහාය පළ කරමින්, ඉරාන රජයට එරෙහිව තීන්දු තීරණ ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් උත්සාහය අසාර්ථක වීම සම්බන්ධයෙන් ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ් සිය සතුට පළ කර සිටී.

විදේශ ඇමැතිවරයා මෙසේ සිය සතුට පළ කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඉරානයේ ආරම්භ වූ ජනතා විරෝධතා, රජයට එරෙහි පිබිඳීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙන්වා දීමට එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය නිකී හේලි උත්සහ ගත් නමුත් එය අසාර්ථක විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකමතිකව තීරණය කළේ ඇමෙරිකාව ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැළැකිය යුතු බවය. මෙය රුසියාව අනුමත කළේ යැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS