ට්‍රම්ප් මැරුවොත් ඩොලර් මිලියන 3 ක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මරා දමන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3 ක් ලබා දීමට තමන් සූදානම් යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා ඇත.

අහම්මෙද් හම්සේස් නමැති මෙම මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේදීය.

ඒ, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන කුද්ස් හමුදා බළඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතන සිදුවීම සම්බන්ධයෙනි.

අහම්මෙද් හම්සේස් උපත ලබා ඇත්තේ ද සුලෙයිමානීගේ උපන් නගරයේ යැයි පැවැසෙයි.

ඩුබායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS