ට්‍රම්ප් නිසා ඉන්දියාව අර්බුදයක



ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමටත්, ටෙල් අවීව් නුවර පිහිටා ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසිලමට මාරු කිරීමටත් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ ඉන්දියාව අර්බුදයකට ලක් වී ඇත.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේදී, ඉන්දියාව ඊශ්‍රායලය සමඟ මෙන්ම පලස්තීනය සමඟ ද සමව මිතුදම් පවත්වා ගෙන යයි.

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් බවත් එම ස්ථාවරය තමන් දිගටම පවත්වා ගෙන යන බවත් ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS