ට්‍රම්ප් ජෙරුසලමට යන්නේ නෑ



ජෙරුසලමේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ලබන සතියේ විවෘත කිරීමට නියමිතව ඇති අතර, ඊට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී නොවනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස නම් කරමින් ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරන බව නිවේදනය කළේ ඉකුත් වසර අවසානයේදීය. මෙය ආන්දෝලනයක් ඇති කළේය.

ජෙරුසලම ඊශ්‍රායලයට පමණක් නොව පලස්තීනයට ද පොදුය. ට්‍රම්ප්ගේ තීරණය ආන්දෝලනාත්මක වූයේ එහෙයිනි. මෙම තීරණය මුල්කොට ගනිමින් මුළු ලොවට ට්‍රම්ප්ට විරෝධයක් දැක්වීය. ඊශ්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළට ඇමෙරිකාව සම්බන්ධ කර ගැනීම පවා පලස්තීනය ප්‍රතික්ෂේප කළේය.

ජෙරුසලමට මාරු කළ ඇමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කිරීම ට්‍රම්ප් අතින් සිදුවේවි යැයි ඊශ්‍රයල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මීට පෙර අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

(ඒ.එෆ්.පි.)


RECOMMEND POSTS