ට්‍රම්ප් කළේ හොඳ දෙයක් නොවේ



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස නම් කිරීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම පවතින අර්බුදකාරී තත්ත්වය තව තවත් උත්සන්න කිරීමක් යැයි යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ෆෙඞ්රිකා මොග්හෙරීනී කියයි.

ඇය මේ බව කියා සිටියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවමිනි. ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමඟ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය කොතැනින් කෙළවරවේවිදැයි කිව නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS