ට්‍රම්ප් කටාර් එමීර් හමුවෙයි



72 වැනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කටාර් එමීර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී අතර විශේෂ හමුවක් පැවැත්විණි

එහිදී සෞදිය ප්‍රමුඛ සෙසු රාජ්‍යයන් වන බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමත් සමඟ නිර්මාණය වූ අර්බුකාරී තත්ත්වය කඩිනමින් විසඳා ගැනීම සාකච්ඡා මාර්ගයෙන් සිදු කරන බව කටාර් එමීර්වරයා ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය.

සෞදිය ප්‍රමුඛ රටවල් කටාර් රාජ්‍යයට චෝදනා කරන්නේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් අන්තවාදයට උඩගෙඩි දෙන බවටත්ය.
හමුව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ පැවැසීය. ‘මට හොඳටම විශ්වාසයි කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් නිර්මාණය වී ඇති අර්බුදය අප හිතනවාටත් වඩා ඉක්මනින් අවසන් වේවි.’

72 වැනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට පැමිණි අවස්ථාවේදී කටාර් එමීර්වරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් විසිනි.

එම අවස්ථාවේදී ද ජගත් මහ ලේකම්වරයා කටාර් එමීර්වරයාට කියා සිටියේ කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි කියාය. ඊට අමතරව එක්සත් රාජධානියේ අගමැති තෙරේසා මේ හමුවීමට ද කටාර් එමීර්වරයාට අවස්ථාව උදා වුණැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS