ට්‍රම්ප් එක්ක කතා කරලා වැඩක් නෑ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, තමන් සමඟ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළත්, ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී කියයි.
‘ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරානය ගැන දැඩි ස්ථාවරයක සිටිනවා. 2015 දී ඉරානය ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඔහු කටයුතු කළා. අපට විරුද්ධව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමක් කළා. ඔහු සමඟ සාකච්ඡා පැවැත්වීම සිහිනයක් පමණයි’ යැයි ඉරාන ජනාධිපති රොව්හානී පවසා ඇත.
(ඒ.එෆ්.පී.)