ට්‍රම්ප් ඊජිප්තු ජනපති හමුවෙයි



ප්‍රංශයේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි.

ඇමෙරිකාව ‘ජී7’ කණ්ඩායමේ සාමාජික රටකි. ඊජිප්තු ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වන්නේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ විශේෂ ඇරැයුමකට අනුවය.

ඇමෙරිකාව සහ ඊජිප්තුව අතර යහපත් සබඳතා ඇතිකර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වුණු බවත්, සාකච්ඡා සාර්ථක වුණු බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS